Friday, November 28, 2014

.: Thanha, Rathi & Rangaa :.

ප්‍රභාකරන් ඉවරයි..., යුද්දේ දින්නා...., කිරිබත් කෑවා..., චලෙයි ගියා...., නාගත්තා....... 




ඔය තියෙන්නේ ෆිල්ම් එකේ කීවර්ඩ්ස් ටික....නාගත්තේ කොහොමද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා....මේ ෆිල්ම් එක බලපු යාළුවො කීප දෙනෙක්ගෙන් මං ඇහුව ෆිල්ම් එක සම්භාව්‍ය එකක්ද, ෆන් එකක්ද කියල... රිප්ලයි කරලා තිබ්බ සම්භාව්‍ය ෆන් එකක් කියල....ඒ නිසාම මමත් ගිහින් බැලුව ෆිල්ම් එක...ඔව් හිනාවෙන්න පුළුවන්..., ඒ වගේම අඬනවනම් අඬන්නත් පුළුවන්....කාලෙකට පස්සේ ආපු තේරුමක් තියෙන, තේරුම්ගන්න පුළුවන් කතාවක් තියෙන ඒ වගේම හොඳ පාඩමක් කියල දෙන ලස්සන ෆිල්ම් එකක්....නමෙන් රැවටෙන්න එපා රජ කතා, ජාතක කතා රැල්ලට ගහගෙන ගියපු තවත් එකක් නෙවෙයි.... ෆිල්ම් එක බලාගෙන යද්දී තේරෙයි තණ්හා, රතී, රඟා කිව්වේ ඇයි කියල....

Read More

Sunday, July 13, 2014

.: Six Days War [Documentary] :.

අරාබිය, සිරියාව, ඊජිප්තුව, ජෝර්දානය මේ රටවල් ඊශ්‍රායලය අල්ලන්න ආපු මේ යුද්ධෙදි ඉස්සෙල්ලම ගේමට ඇවිත් තියෙන්නේ ඊජිප්තුව.... ඒ අතරේම ජෝර්දානෙත් රෙඩි වෙලා ඉඳල තියෙනවා අර සූර පප්පා එකේ සීසර්ගේ සෙට් එක වගේ කඳවුරු බැඳගෙන... හැබැයි මුල්ම ඇටෑක් එක දීල තියෙන්නේ ඊශ්‍රායල එයාර් ෆෝර්ස් එකෙන්.... (ඇටෑක් එකට කලින් ඊශ්‍රායල් ආමි එකේ සෙට් එකකට නිවාඩුත් දීල තියෙනවා ඉතින් අනිත් එවුන් හිතල තියෙන්නේ මුන් දන්න යුද්ධයක් නෑ කියල... ) මුල් ඇටෑක් එකේදිම ඊජිප්තුවේ එයාර් ක්‍රාෆ්ට් සෙට් එකම කුඩු පට්ටම් කරල ගිහින් තියෙන්නේ.... ඉස්සෙල්ලම ගහල තියෙන්නේ උන්ගේ රන් වේ එකට.... එයාර් ක්‍රාෆ්ට් ටික හිර කරල දීල තියෙන්නේ ගේම..... ඔය කිව්වේ ස්ටාට් එක විතරයි, මේ වගේ පාවිච්චි කරපු උපාය මාර්ගික සටන් ක්‍රම කීපයක් ගැන පෙන්නනවා මේකේ.... ඒ වගේම මේ වෝ එකට සම්බන්ධ වෙච්ච අනිත් රටවල් (ඊජිප්තුව, අරාබිය) වල පොරවල් කියන ඒවත් තියෙනවා... සුපිරි ඩොකියුමන්ට්‍රි එකක්.... පැරදිච්ච කට්ටිය කියන්නේ නම් රටවල් කීපයක් එකතු උනාට එකමුතු කමක් තිබ්බේ නැති නිසා එක එක්කෙනා තනියෙන් ඇටෑක් කරන්න ගිහින් කන්න උනා කියල.... ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා ඔය ආපු රටවල් ඔක්කොම එකතුවෙලා මොළෙත් ටිකක් වෙහෙසල ගේමක් දුන්න නම් අද අපි‍ට අහන්න ලැබෙන්නේ මීට වැඩිය වෙනස් කතාවක් වෙන්න තිබ්බ....





Read More

Friday, October 25, 2013

.: Madras Cafe :.

සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්..., හැබැයි අපේ රටේ තිබ්බ ප්‍රශ්නය ගැන කතා කිරීමකට වඩා මේ ෆිල්ම් එකේ පෙන්නලා දීල තියෙන්නේ "රජීව් ඝාන්ධි" ඝාතන සැලැස්ම අන්තර්ජාතික උවමනාවකට වෙච්ච දෙයක් කියන එක.....ඒ ගැන කතා කරද්දී මහ කොටියාවත් සම්බන්ධ වෙන නිසා අපේ ප්‍රශ්නේ ගැනත් ලාවට පෙන්නලා තියෙනවා ඇරෙන්න අපිට ආදරේකට හදපු ෆිල්ම් එකක් නම් නෙවෙයි ...තමිල්නාඩු ගොයියෝ ටික ශේප් කරගන්නද කොහේදෝ මුලින්ම අපේ හමුදාවෙන්(80 ගණන්වල) දෙමළ මිනිස්සු මරණ එකක් පෙන්නනවා, ඊට පස්සේ කොටි සංවිධානය බිහිවුණා කියවෙනවා....ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමේදී "Most brutal military assault by the Sri lankan forces" කියල තියෙනවා....හැබැයි ඉතින් ඒ වගේම මහා කොටිය සහ ගෝලයෝ සෙට් එක ගැන ඇත්තම පෙන්නලා දීල තියෙනවා ලෝකෙට...ඒක නිසා ඒ ගැන හිතල මේ ෆිල්ම් එක ගැන වර්ණනා කරන්න පුළුවන්....කොහොම උනත් දෙපැත්තම ශේප් කරලා හදපු ෆිල්ම් එකක් වගේ තමයි පේන්නේ.....ෆිල්ම් එකේ අන්තිමට හුරු පුරුදු වචන සෙට් එකක් යනවා...සිංහල සබ් එක බලන්න එතකොට මතක් වෙයි මොකක්ද කියල....




Download DVDScr Rip



Read More

Tuesday, March 19, 2013

.: විරූපී නොවූ ආදරය :.

වෙනස්ම ආරක ආදර කතාවක් වුවත් මෙයින් දෙන ආදර්ශය නම් ඉතාම වටිනා එකක්.....රූපය මෙන්ම සැප සම්පත් අතින් පරිපූර්ණ වීම නිසා දැඩි මාන්නයකින් අන් අය දෙස බලන පුද්ගලයෙක්ට ආදරය පිළිබඳව ඉගැන්වෙන අපූරු පාඩමක් තමයි කතාවේ අන්තර්ගතය....


තාරුණ්‍යයේ ආදර කතාවල  වඩාත්  සිත් ගත් යොවුන් චරිත දෙකක් වූ Vanessa Hudgens සහ Harris Alex Pettyer දෙපලගේ විශිෂ්ට රංගනය මෙන්ම  හාස්‍යත්පාදක නළුවෙක් වූ Neil Patrik Harris ගේ දායකත්වය නිසා මෙම චිත්‍රපටය වඩාත් රසවින්දනාත්මක ලෙස නිර්මාණය වී තිබෙන බව කිව හැකියි....








Read More

Friday, March 8, 2013

.: Future War | USA vs ASIA ??? :.

මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්‍රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල් කිහිපයකම වාණිජ නගර විශාල ප්‍රමාණයකට දැඩි හානි සිදුවන අතර රුසියාවට අයත් පැසිෆික් සාගරය ආශ්‍රිත කොටසටද එයින් බලපෑම එල්ලවෙනවා.....




බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ක්ෂණිකව සිදුවන මෙම ව්‍යසනය නිසා ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම ජීවිත හා දේපල හානි සිදුවූ ව්‍යසනය ලෙස නම් කරමින් ශෝක පණිවුඩ පළකරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුරෝපා සහ ඇමෙරිකානු රටවල් ඉදිරිපත් වෙනවා......නමුත් ලෝකයේ ප්‍රබලම එමෙන්ම ඉතාම නිවරද්‍ය රේඩාර් පද්දතිය සහ තම කලාපයට එල්ලවන සතුරු ප්‍රහාර කල් තියාම හඳුනා ගත හැකි තාක්ෂනය සතු රුසියාව ප්‍රකාශයක් කරනවා මෙම ව්‍යසනයට මුල් වුයේ උල්කාපාතයක් පැසිෆික් සාගරයට පතිතවීම නිසා ඇතිවූ මුහුද ගොඩගැලීම් තත්වයක් ලෙසට.....එමෙන්ම ඔවුන්ගේ අභ්‍යවකාශ දැනුමෙන් ඔවුන් ස්ථීර ලෙස කියා සිටිනවා මෙවැනි උල්කාපාතයක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීමට තිබු බව ඔවුන් හඳුනාගෙන තිබුනත් එය කිසිසේත්ම පෘතුවියට වැටීමේ සම්භාවිතාවයක් නොතිබුණු බවට....යම් හෙයකින් පෘතුවියට එය වැටුනත් එය ගමන් කල යුතුව තිබුනේ ඇමෙරිකා මහාද්වීපය දෙසට බව ඔවුන් තහවුරු කොට කියා සිටිනවා.....මෙම ප්‍රකාශයත් සමගම චීනය සහ ජපානයද ඔවුන්ගේ නිරීක්ෂණ වලින් තහවුරු කොට කියා සිටිනවා රුසියාව විසින් කල ප්‍රකාශය නිවරද්‍ය බව....


ඇමෙරිකාව විසින් සිදු කල මෙම ක්‍රියාව තරයේ හෙලා දකින සියලුම ආසියාතික රටවල් එකතු වී තීරණය කරනවා ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට.....ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුනුකොට සියලුම ආසියාතික රටවල් මෙන්ම අරාබිය හැර අනෙකුත් මැදපෙරදිග රටවල්ද මේ සඳහා එකතු වෙනවා.....ආසියාවේ ඉතා ප්‍රබල රටවල් තමන්ට විරුද්ධ වන බව පෙනීයන නිසා ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කල වැරැද්ද පිළිගෙන සමාව අයැද සිටිනවා....ඒ වගේම ඔවුන් සමග බ්‍රිතාන්‍ය ද මේ සඳහා සහයෝගය දැක්වූ බව හෙළිදරව් කරනවා......


වචන වලින් සිදු කරන සමා කිරීම් ප්‍රතික්ෂේප කරන ආසියාවේ ප්‍රථම ප්‍රහාරය එල්ලවන්නේ ඉන්දියානු සාගරය පහළ කොටසේ දුපත් සමුහයක ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව ස්ථාපිත කර ඇති යුද අංගනයකටයි....මෙය මීට පෙර රුසියාව විසින් හඳුනාගෙන තිබු සතුරු තර්ජනයක්.....එම දුපත් සමුහය මුළුමනින්ම අත්පත් කරගත් පසු මීළඟ පියවර වන්නේ උල්කාපාතයෙන් සිදුකල ව්‍යසනයට සමාන ප්‍රති ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ලකිරීමයි.....මෙම ප්‍රහාර එල්ලකිරීමට පෙර එම රටවල වෙසෙන සියලුම ආසියානුවන්ට තම රටවලට පැමිණෙන ලෙස නියෝග වෙනවා.....මෙයින් ප්‍රයෝජන ගන්නා ඇමෙරිකානුවන් එසේ පැමිණෙන ආසියානුවන් ලෙස විත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමටද පෙලෙබෙනවා.....එමෙන්ම ඔවුන් සතුව ඇති සියලුම නවීන ප්‍රහාරක යානා මෙන්ම තහනම් කල පරමාණු බෝම්බ පවා නැවත භාවිතා කිරීමට සුදානම් වෙනවා.....නමුත් ආසියානු ශක්තිය හමුවේ ඔවුන්ට එම ප්‍රහාර එල්ලකරගනීමට නොහැකිවෙන්නේ එම අවි ආයුධ තිබෙන ස්ථාන රුසියාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති නිසා.....ඔවුන් ප්‍රහාර එල්ලකිරීමට පෙර එම ස්ථාන විනාශ කිරීමට ආසියානු එකමුතුකමට හැකිවෙනවා......අවසානයේ සිදුවන්නේ ආසියානු එකමුතුකම ජයග්‍රහණය කිරීමයි බ්‍රිතාන්‍ය අතරමගදීම මේ යුද්දයෙන් ඉවත් වන්නේ ආසියාවේ ප්‍රබලත්වය ඔවුන් අවබෝධ කරගන්න නිසයි......


මේ එකපාරටම මගේ හිතේ පහළ වෙච්ච අදහසක්, පහු ගිය දවසක රුසියාවට වැටිච්ච උල්කාපාතය ගැන අපේ HondaMPLG සහෝ දාල තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් එක්ක තමයි මේ අදහස මගේ ඔලුවට ආවේ......සමහරවිට මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නත් පුළුවන්.....මොකද ඇමරිකාව කියන්නේ ආත්මාර්ථකාමී, ඒ වගේම ලෝකෙම ලොක්ක තමන් වෙන්න ඕනි කියන තීරණේ ඉන්න රටක්...ඔය යුරෝපා රටවලුත් ඇමරිකාවට දීගෙන ඉන්නේ.....ඒක නිසා ඔය සෙට් එක එකතු වෙලා දැනටමත් මේවගේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්......ඒක නිසා සමහරවිට අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් මේ අදහස...

!!!!මේක මගේම නිර්මාණයක්, ඒක නිසා උපුටාගැනීම් එහෙම කරනවනම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කවුද ලිව්වේ කියල දාන්න ඕනි.....දැනට එළකිරියේ සහ මගේ බ්ලොග් පිටුවේ විතරයි මේක දාල තියෙන්නේ!!!!  
Read More

Sunday, January 13, 2013

.: Vicky Donor (18+) :.

අලුත් අවුරුද්දේ හා හා පුරා කියල කියන්න යන්නේ අමුතුම කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන....පොඩිහිටියන්ට ඒ තරම් සුදුසු නැති නිසා තමයි (18+) කියල දැම්මේ ඒ කියල වැරදි වැටහීම් ඇති කරගන්න ඕනේ නෑ ...මේක සෙක්ස් ෆිල්ම් එකක් නෙවෙයි, වෙනස්ම විදියේ කතාවක් එක්ක ගලාගෙන යන ආදර කතාවක්...



වර්තමානයේ සමහර විවාහක පුරුෂයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිසරු භාවය සිංහලෙන් කිව්වොත් වඳ බව... ඉතින් ඔය කියන ප්‍රශ්නේ ඇතිවෙන්නේ දැන් කාලේ තියෙන කාර්යබහුලත්වය සහ මිනිස්සුන්ගේ තියෙන දැඩි මානසික ආතතිය නිසා කියල තමයි කියන්නේ(මේ මම කියන දෙයක් නෙමෙයි, ෆිල්ම් එකේම තමයි තිබ්බේ) කොහොම හරි ඔය වගේ ප්‍රශ්නයක් ඇති උනාම ඉතින් පවුල් ජීවිතිය අවුල් වෙනවා නෙව...ඉතින් ඒ වගේ අවස්ථාවකදී අකමැත්තෙන් උනත් වෙන කෙනෙක්ගේ පිහිට පතන්න සිද්ද වෙනවා, ඒ කියන්නේ අපේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක වෙන පුද්ගලයෙක්ගේ ශ්‍රුකානුවක් කෘතිමව ඇතුල් කරන එක....ඇහෙද්දී නම් පිළිකුලක්, සදාචාර විරෝදී බවක් වගේ දේවල් හිතට එන්න පුළුවන් ඒත් ඇත්තටම මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න උනොත් අපි උනත් ඒ වගේ තීරණයක් ගන්න පුළුවන්....




ඉතින් ඔය වගේ කෘතිමව ශ්‍රුකානු දන් දෙන පුදගලයෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ...දන් දීමක් කිව්වට පොර නම් වැඩේ කරන්නේ බිස්නස් එකක් විදියට, ඉතින් මේ බිස්නස් එකෙන් ඔහුගේ ජීවිතයට සහ ආදරයට වෙන බලපෑම තමයි ෆිල්ම් එකේ තියෙන්නේ...කොහොම හරි අන්තිමේදී මේ දන්දීමේ ක්‍රියාව සාධාරණීයකරණය කිරීමක් කරනවා ෆිල්ම් එකෙන්, ඒත් හැබෑ ජීවිතයේදී මෙහෙම දෙයක් උනොත් නම් තමන්ගේ බිරිඳගෙන් හෝ පෙම්වතියගෙන් සමාවක් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ, මොකද අපි කව්රුත් මිනිස්සුනේ....




හාස්‍ය රසය, ආදරය වගේම ජීවිතේට යම් කිසි දැනුමකුත් එකතු කරගන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්....

Read More

Thursday, December 20, 2012

.: Colour (වර්ණ අතර සැඟවුණු ආදර අන්දරය) :.

වර්ණ තුලින් තම අදහස් ප්‍රකාශ කිරීමට සමත්, දක්ෂ චිත්‍ර ශිල්පියෙක්....නමුත් ඔහු රතු පැහැය තම නිර්මාණ සඳහා යොදාගැනීමට අකමැත්තක් දක්වන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද...? 



රතු පැහැය තුල සැඟවුණු ඔහුගේ ආදර කතාව පිලිබඳ ඔහු විසින් සිදු කෙරෙන හෙළිදරව්ව දැකගැනීමට කුතුහලයක් ඔබ තුලත් ජනිත වුණි නම්, පහත වෙබ් ලිපිනය ඔස්සේ මෙම සුන්දර චිත්‍රපට නිර්මාණය නැරඹීමට ඔබටත් පුළුවන්.

(චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හල සහෘදයන්ට තුති!)

Read More

Friday, December 7, 2012

.: අහසින් වැටුනා :.

අද රුපවාහිනී නාලිකා වල ප්‍රචාරය වෙන ටෙලි නාට්‍ය නිර්මාණ පිලිබඳ සිතා බලද්දී නම් හිතට දැනෙන්නේ බොහොම කණගාටුවක්....වාණිජ පරමාර්ථය උදෙසාම නිර්මාණය වූ, කොටස් සිය ගණනක් නරඹා අවසානයේ කිසිම ගැලපීමක් හෝ හරයක් නොමැතිව එක්වරම අවසන් වන ඒකාකාරී ආදර කතා රැල්ලක් මත පදනම් වූ මෙම ටෙලි නාට්‍ය ජනප්‍රිය වීමට එකම හේතුව වී ඇත්තේ රූපවාහිනිය ඉදිරියේ කාලය කා දැමීමට පුරුදු වූ පිරිසක් සහ තම මානසික ව්‍යාකුලතාවයන්ගෙන් මිදීමට රූපවාහිනී නාලිකාවක් දෙස බලන්නන් වාලේ බලාගෙන ඉන්නට පුරුදු වූ පිරිසක් මේ නිර්මාණ වලට ඇබ්බැහි වී සිටීමයි.....ඉතින් එවැනි ප්‍රේක්ෂකයින්ට කතාවේ හරයක් පිලිබඳ තැකීමක් කිරීමට‍ උවමනාවක් නැති බව දන්නා අපේ නිර්මාණ කරුවන් දිගින් දිගටම මේ ආකාරයේ  නිර්මාණ  බිහිකිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.....මෙවැනි මෙලෝ රහක් නැති මෙගා ටෙලි නිර්මාණ වලින් වෙනස් වූ ඉතාම නිර්මාණශීලී,හරයක් ඇති,මුල සිට අග දක්වාම හොඳින් රසවිඳිය හැකි නිර්මාණද අතලොස්සක් හෝ ඒ අතර තිබීම සතුටට කරුණක්....එවැනි එක් නිර්මාණයක් පිලිබඳ අගය කිරීමක් කොට ඔබව දැනුවත් කිරීමයි මෙම ලිපියේ පරමාර්ථය...


වර්තමානයේ බිහිවෙන බොළඳ, සීනි බෝල ආදර කතා වලින් වෙනස් වූ ඉතා රසවත් සිදුවීම් ඇතුලත් වෙනස්ම ආකාරයක අභිරහස්‌ කතා පුවතක් මත පදනම් වූවද මෙම ටෙලි සිත්තම පුරාවටම කුතුහලය මෙන්ම යම් හාස්‍ය රසයක්ද ගොඩනැගෙන පරිදි එය නිර්මාණය කිරීමට මෙහි නිර්මාණකරුවන් සමත් වී තිබෙනවා.....රොෂාන් රවේන්ද්‍ර,රොෂාන් පිලපිටිය වැනි දක්ෂ නළු නිලියන් මෙන්ම මෙම නිර්මාණයට දායක වන නවක නළු නිලියන්ගෙ රංගනයද ඉතා විශිෂ්ට මට්ටමක පවතින නිසා මෙහි අන්තර්ගත කතා පුවත ඉතාම හොඳින්  රසවින්දනය කල හැකි පරිදි ඉස්මතු වී තිබීම මෙම ටෙලි නිර්මාණයේ ඇති විශේෂ ලක්ෂණයක්.....මෙගා රැල්ලෙන් මිදුණු හරවත් එමෙන්ම වෙනස් ආරක ටෙලි නාට්‍ය නිර්මාණ රසවිඳීමට ඇල්මක් දක්වන ඔබට පහත ලබාදී ඇති වෙබ් අඩවිය ඔස්සේ පිලිවෙලින් මේ නිර්මාණයේ සියලුම කොටස් නැරඹිය හැකියි....



මෙම නිර්මාණය සියලු දෙනාටම රසවිඳීමට හැකිවන පරිදි අන්තර්ජාලයට එකතු කල පුද්ගලයන්ට තුති මල් පිදීමට කැමැත්තෙමි!


Read More

Thursday, December 6, 2012

.: A Thousand Words :.

ඔබ ඕනෑවටත් වඩා කතා කරන කෙනෙක්....,
තම දෙමව්පියන්ට ආදරය කලද කාර්ය බහුලත්වය නිසා ඔවුන්ගෙන් ඈත්වූවෙක්....,
එම කාර්යබහුලත්වය නිසාම තම බිරිඳ සහ දරුවා අතරද ඇත්තේ දුරස් බවක්....,
අනෙක් පුද්ගලයන් ගැන වැඩි තැකීමක් නොකරන ඔබ සියලු දේ දකින්නේ ව්‍යාපාරික මනසින්...,




එසේ නම් ඔබ මේ දකින්නේ ඔබ වැනිම පුද්ගලයෙක්....ඔහුගේ ජීවිතය ගැන ඒත්තු ගැන්වීමට ස්වභාව ධර්මයෙන් ඔහුට ඉගැන්වෙන්නේ අමුතුම ආකාරයක පාඩමක්....,ඔහු පිට කරන එක් වචනයක් ඔහුගේ ජීවන වෘක්ෂයේ එක් පත්‍රයකට සමාන කරමින් තම ජීවිතය ප්‍රත්‍යාවලෝකනය කරවන මෙම පාඩම අද වැනි කාර්යබහුල,ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් පිරී ගිය ලෝකයට ලබාදෙන්නේ ඉතා වැදගත් ආදර්ශයක්...   



 

Read More

Sunday, November 25, 2012

.: Barfi! :.

ගොළු වුවද, බිහිරි වුවද ඉතා සැහැල්ලුවෙන් තම ජීවිතිය ගත කරන දුප්පත් කඩවසම් තරුණයෙක්.....




ජීවිතිය පුරාවටම විඳිය හැකි සුන්දර ආදරයක් බලාපොරොත්තුවෙන් පසුවන රූමත් මෙන්ම පොහොසත් තරුණියක්..... 



දෙමාපිය ආදරය හරිහැටි නොලැබුණු, කුඩා කල සිටම නේවාසිකාගාරයක හැදුනු වැඩුණු මානසික ආබාධයකින් පෙළෙන තරුණියක්..... 


මොවුන් තිදෙනාගෙන් සැබෑ ආදරවන්තයින් වන්නේ කවුරුන්ද...?


සිනහව සහ කඳුල මුසුවුණු සුන්දර වූ තුන්කොන් ආදර කතාවක්....










Read More

Wednesday, November 21, 2012

.: Flowers Of War (Heart Touching Story) :.

යුද්දයක් කියන්නේ අමිහිරි මතකයක්, කුරිරු අතීතයක්....ඒක කවදා කොහේ කාට වුනත් එකයි...අපිත් ඒ වගේ කුරිරු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු....මතකද යකඩ ගුලි වලින් මිනිස් ජීවිත පසාරු වෙච්ච ඒ යුගය....? සමහරුන් නම් ඒ අතීතය ලේසියෙන්ම අමතක වෙලා ගිහින් වගේ හැසිරෙනවා ඒත් ඒ දේ ඇත්තටම අත්දැකපු මිනිස්සුන්ට නම් කවදාවත් ඒ අමිහිරි මතකය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ..... මේ කියන්න යන්නෙත් ඒ වගේ කුරිරු යුද්දයක අමිහිරි මතක සටහනක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චීන චිත්‍රපටියක් ගැන....

මේ යුද්දේ ඇති වෙලා තියෙන්නේ ජපානය සහ චීනය අතර, මම දන්න විදියට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ..... මේ ආක්‍රමණය ඉතාම කුරිරැ විදියට සිද්ද වෙච්ච එකක්, චිත්‍රපටයේ පෙන්වන විදියට එක චීන වැසියෙක්වත් ඉතුරු නොකොට ඝාතනය කිරීමක් තමයි ආක්‍රමණිකයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ.... ඒ නිසාම ගැහැණු පිරිමි , කුඩා ළමුන් කියල භේදයක් නැති සාහසික ඝාතනය කිරීමක් සිද්ද වෙනවා.....ඒ වගේම ගැහැණු උදවිය මරා දාල තියෙන්නේ වධ දීල දුෂණය කරාට පස්සේ..... ඉතින් මේ වගේ මිලේච්ඡ යුද්දයක් අස්සේ පල්ලියක සිටින ශිෂ්‍යාවන් පිරිසක් මේ කුරිරැ ජපන් හමුදා භටයින්ගෙන් බේරාගැනීමට දරන වෑයමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.....හැබැයි මේ ගලවාගැනීමේ මෙහෙයුම සිද්ද කරන්නේ චීන හමුදාවෙන් නම් නෙවෙයි(මුලින් චීන හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ගේ සහයත් ලැබෙනවා), මේකට මුලික වෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ගණිකාවන් පිරිසක්.....මෙතනදී සංවේදීම පරිත්‍යාගය වෙන්නේ මේ ගණිකාවන්ගෙන් සහ කුඩා පිරිමි ළමයෙක්ගෙන්.....






යුද්දයේ සැහැසි බව, කුරිරු බව වගේම ආදරය සහ පරිත්‍යාගය ගැනත් පෙන්නල දෙන ඉතාම සංවේදී චිත්‍රපටයක්....



Read More

Thursday, November 15, 2012

.: No One Killed Jessica :.

අමුතු විදියේ නමක්....නේද? 

ෆිල්ම් එකත් ඒ වගේමයි....හැබැයි මේ නම නිසා ෆිල්ම් එකේ මුලින් දැනෙන කුතුහලය අඩුවෙලාද කියලත් මට හිතුන, මොකද මේ නමත් එක්ක මුල් සීන්ස් ටික බලද්දී ඊළඟට වෙන්නේ මොකක්ද කියල අපිට නිකන්ම හිතට එන නිසා....ඒ නිසා ටයිට්ල් එකෙන් ෆිල්ම් එකේ ප්‍රධාන සිදුවීම ඉස්මතු නොවුනා නම් හොඳයි කියලත් හිතෙනවා...





"විද්‍යා බාලන්" කියන්නේ ඕනිම චරිතයක් රඟපාන්න පුළුවන් දක්ෂ නිලියක්....පහු ගිය කාලේ නිර්මාණය වෙච්ච "Kahaani", "Dirty Picture", "Paa", "Bhool Bhulayya"  වගේ ෆිල්ම්ස් බැලුව නම් ඒ දේ ඔයාලත් අනුමත කරයි....ඉතින් ඒ විදියටම මේ ෆිල්ම් එකේ "සබ්‍රිනා" චරිතයටත් සාධාරණයක් කරන්න "විද්‍යා" සමත් වෙලා තියෙනවා....



ෆිල්ම් එකේ ස්ටෝරි එක ගෙතිල තියෙන්නේ රූමත් තරුණියකගේ මිනීමැරුමක් වටා, මේ තරුණියගේ නම තමයි "ජෙසිකා" එතකොට මෙයාගේ අක්කාගේ චරිතෙට තමයි "විද්‍යා බාලන්" පණ පොවන්නේ....සෙල්ලක්කාර ඇමති පුත්‍රයෙකුගේ ක්ෂණික ආවේගයක් නිසා තමයි මේ තරුණියට ජීවිතෙන් සමුගන්න වෙන්නේ....ඔය ඇමති පුත්‍රයෝන්ගේ මේ වගේ වැඩ යට ගහන ඒකනේ කොතැනත් වෙන්නේ....අපේ රටෙත් නැතුවය ඕවට හොඳ උදාහරණ....ඉතින් මේ කේස් එකත් මුලින් කොහොම හරි යට ගැහෙනවා ඒ වගේම....හැබැයි ටීවී චැනල් එකක ඉන්න අමුතුම විදියේ ගති පැවතුම් තියෙන නිර්භීත රිපෝටර් කෙනෙක් නිසා ආයිත් මේ කේස් එක ඕපන් කරන්න වෙන සිදුවීමක් තමයි ෆිල්ම් එකේ අන්තිම කොටසේදී වෙන්නේ....මේ රිපෝටර් වරියට පන පොවන්නේ තවත් අති දක්ෂ නිලියක්.....ඔව් ඔව් රාණි මුකර්ජි ඇන්ටි තමයි....



කොහොම හරි මේ ෆිල්ම් එකේ ලොකු දෙයක් කියවෙනවා  කියල මට හිතෙනවා....රටක රජයකට වඩා බලවත් වෙන්න පුළුවන් මහා ජනයාගේ එකතු වීමකට, ඒ වගේ දෙයක් සමබ්න්ධීකරණය කරන්න පුළුවන් මාධ්‍යක් තමයි ජනමාධ්‍ය කියන්නේ.....ඉතින් අපේ රටෙත් මේ වගේ දේශපාලන බලපෑම් නිසා යට ගැහිච්ච සිදුවීම් ඇතිනේ ඕනි තරම්....අයුක්තියක් අසාධාරණයක් සිද්ද වෙච්ච ඒ වගේ සිදුවීම් වලටත් සාධාරණයක් ඉෂ්ට කරගන්න බැරි වෙන එකක් නෑ මේ වගේ එකමුතුවක්‌ උනොත්.....





Read More

Sunday, November 4, 2012

.: අලිමංකඩ (The Road From Elephant Pass) :.


"මේ රට මගේ අම්මා...."

මතකද මේ කොටස...? මේ ෆිල්ම් එක ආපු කාලේ ටීවී චැනල් වල ඇඩ් එක දාද්දි මේ කොටස නිතරම යනවා මට හොඳට මතකයි....ඒත් ඒ කාලේ ෆිල්ම් එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.....යු ටියුබ් එකට මේ ෆිල්ම් එක දාපු අයට පින්සිද්ද වෙන්න ඔන්‍න‍ අද තමයි ෆිල්ම් එක බැලුවේ.....



අපි යුද්දේ ජයග්‍රහණය කරලා දැන් අවුරුදු කීපයක් ගත වෙලා....හැබැයි දැන් අපේ මිනිස්සු හැසිරෙන්නේ යුද්දයක් කියල දෙයක් මේ රටේ තිබ්බේ නෑ, ඒ වගේ අත්දැකීමක් අපි ලැබුවේ නෑ වගේ....ඒ නිසානේ ආයිත් යුද්දයක් ඕනි කිය කියා දඟලන්නේ.....අපේ රටෙත් ඉන්නවා සාමය සමගිය  දිරවන්නේ නැති මිනිස්සු කොට්ටාසයක්....අන්න ඒ වගේ රටේ ජාතීන් ව අවුස්සන එවුන් අනිවාර්යෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් මේක....මොකද මේ ෆිල්ම් එකේ හොඳට පෙන්නලා දෙනවා සිංහල දෙමල මිනිස්සු අතර යුද්දයක් ඇති වුනේ කොහොමද, ඒක ඇති කරේ කවුද සහ ඒ වැඩ වලින් දුක් විදින්නේ කවුද කියල.....

ෆිල්ම් එකේ තියෙන්නේ එල් ටී ටී ඊ සංවිදානයේ කොටි කතක් ඔවුන්ගේ නායකයා පිළබඳ ඔත්තුවක් ලබාදීම සඳහා ඇයව රහස් මාර්ගයෙන් කොළඹට ගෙන ඒමට රජයේ උසස්  හමුදා නිලදාරියෙක්  කටයුතු කරන ආකාරය දැක්වෙන කතා පුවතක්....හැබැයි අවසානයේ සිද්ද වෙන්නේ වෙනස් දෙයක්...ඒක ෆිල්ම් එක බලලම හොයාගන්න....මේ වගේ යුධ දර්ශන රූගත කිරීම් වලදී ෆිල්ම් එකේ තාක්ෂණික පැත්තෙන් නම් යම් දුර්වලතා පෙන්න තියෙනවා ඒ නිසා තාත්වික බව ටිකක් අඩු වෙලා තියෙනවා...ඒ උනාට ස්ටෝරි එක සහ මේ ප්‍රධාන චරිත දෙකේ රඟපෑමේ දක්ෂතාවය නිසා ඒ අඩු පාඩු එච්චරම ඉස්මතු වෙන්නේ නෑ....

මේ තියෙන්නේ මම බලපු යු ටියුබ් ලින්ක්ස් ටික....කොලිටි එක නම් අවුල් මොකද මේක ටීවී එකෙන් කැප්චර් කරපු එකක්, ඒ උනාට මේ වගේ ෆිල්ම් හොයාගන්න අමාරු නිසා මෙහෙම හරි බලන්න තියෙන එක වටිනවා නෙව....

Part-1


Part-2


Part-3


Part-4


Part-5


Part-6


Part-7


Part-8


Part-9


පස්වෙනි කොටස බලද්දී මේකේ කියනවා අපෙ යුද ජයග්‍රහණයට බලපාපු ප්‍රධානම සාධකය, මෙන්න මේ විදියට.....

"අපි යුද්දේ කරලා පෙන්නවා උපාය මාර්ගික තීරණත් දේශපාලන මැදිහත්වීම් වලින් තොරව හමුදාවටම ගන්න ඉඩ දීපු දවසට" 
හැබැයි යුද ජයග්‍රහණයෙන් පස්සේ මේ තීරණ ගත්ත මිනිස්සුන්වම වරද කාරයෝ කරවපු එක තමයි අවුල....(මේ දේ කිව්වේ පක්‍ෂග්‍රාහීව නම් නෙවෙයි, මොකද මම ඔය එක පක්ෂේකටවත් නෑ දැන්....අනිත් එක මේ රටේ ඉන්න මොන මිනිහ උනත් පිළිගන්නව ඒ කරේ හරි දෙයක් නෙවෙයි කියල)


Read More

Tuesday, October 30, 2012

ආදරණීය මතකයක ප්‍රත්‍යවලෝකනය

ආදරය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම අතවශ්‍ය දෙයක්....අපේ ජීවිත ගමනෙදි මේ ආදරය කියන දේ විවිධ පුද්ගලයන්ගෙන් අපිට ලැබෙනවා, දෙමව්පියන්ගේගේ ආදරය,සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු යෙහෙළියන්ගෙන් සහ තමන්ගේ ආදරවන්තියගෙන් ලැබෙන ආදරය...
මේ වර්ගීකරණයේ තියෙන ආදරය ලැබෙන විදි එකිනෙකට සංසන්දනය කරන්න අමාරුයි, මොකද ඒ හැම ආකාරයකම එකිනෙකට වෙනස් විදියේ විශේෂත්වයක් තිබෙන නිසා....ඒ නිසාම තමන්ගේ පෙම්වතියගෙන් ලැබෙන ආදරය කියන්නෙත් ඉතාම සුවිශේෂී වූ ආදරයක්.....පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආදරේට පුළුවන්.....ඉතින් ඒ වගේ සුවිශේෂී ආදරයක් නිසා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්ට තමන්ගේ ඒ ආදරය සදහටම අහිමි වෙන බව දැනගන්නට ලැබුනොත්....?





මේ චිත්‍රපටිය අවසානයේ ඇහැට කඳුලක් එකතු නොවන්නේ නම් ඇත්ත වශයෙන්ම එය පුදුමයකි, ඒ තරම්ම සංවේදී දුක්බර කතා පුවතක්....







චිත්‍රපටිය බලපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ සින්දුවත් හොයනවා, ඒක නිසා ඒකත් මෙතනම දාන්නම්.....


Read More

Wednesday, October 3, 2012

.: උන්මන්තකයකුගේ ආදරය (3 Movie) :.

"වයි දිස් කොලවෙරි ඩී...."

පහු ගිය කාලේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච මේ ගීතය කට්ටියට මතක ඇති නෙ....ඔන්න අද තමයි මට මේ  චිත්‍රපටිය බලන්න ලැබුනේ....මේක බලන්න කලින් නම් මගේ හිතේ තිබුනේ රිනාත්මක අදහසක් ....මොකද මේ  චිත්‍රපටිය බලපු කීප දෙනෙක්ගෙම අදහස උනේ ගීතයේ තරම් චිත්‍රපටියේ ලස්සනක් නෑ කියල....ඒත් මේක බලද්දී නම් ඒ අදහස සම්පූර්නෙන්ම වෙනස් උනා කිව්වොත් නිවැරදියි....



ක්‍රියාදාම සටන් ජවනිකා වලදී ටිකක් වැඩිපුර ගහ මරාගත්තට, පසුබිම් වෙච්ච කතා පුවත අතින් ගත්තම වෙනස්ම විදියේ ලස්සන නිර්මාණ දකින්න පුළුවන් තැනක් තමයි "කොලිවුඩය" කියන්නේ....ඉතින් මේ චිත්‍රපටියෙත් ඒ වගේම වෙනස්ම කතාවක් තමයි නිදන් වෙලා තියෙන්නේ....චිත්‍රපටයේ මුලින් තියෙන්නේ සුන්දර ආදර කතාවක්....ධනුෂ් සහ ශෘති ඉතාම සුන්දර විදියට මේ ප්‍රධාන චරිත දෙකට පන පොවනවා....චිත්‍රපටයේ අග භාගයේදී තමයි කතාව වෙනස් පැත්තකට හැරවෙන්නේ....එතැන් සිට  කුතුහලය සහ දුක ජනිත වන ආකාරයේ කතා පුවතක් තමයි ගලාගෙන යන්නේ....ඇස් අගට කඳුලක් එකතු කරමින් අවසාන වෙන මේ චිත්‍රපටිය මගේ අදහසට අනුව නම් හොඳින් රසවින්දනය කල හැකි වෙනස්ම විදියක ආදර කතාවක්... 









Read More

Friday, September 28, 2012

.: This Means War (යුද්දේ වගේ) :.


අද මම කියන්න යන්නේ යුද්දයක් ගැන....මේක අමුතුම විදියක යුද්දයක්...

මේ ඉන්නේ යුද්ද කරන ඩබල..



මෙයා තමයි යුද්දෙට හේතුව...



පේනවා නේද අමුතුම විදියේ යුද්දයක් කියල....ඔය උඩින් ඉන්න කොල්ලො දෙන්න එකට වැඩ කරන ගජ යාළුවො දෙන්නෙක්....හැම අවුලකම කොහේ හරි තැනක ගෑනු පරානයක් ගෑවිලා ඉන්නවා කියල කතාවක් තියනවනේ, ඉතින් මෙ යුද්දෙටත් හේතුව ඔය දෙවෙනි රූප රාමුවේ පෙනී ඉන්න එක්කෙනා තමයි...යුද්දයක් කිව්වට මේක ෆන් පැත්තට බර යුද්දයක්....



මේක බලද්දී මට නිකමට වගේ මතක් උනා තව ෆිල්ම් එකක්, "Mr & Mrs Smith" කතාව මීට වැඩිය වෙනස් උනාට එකෙත් තියෙන්නේ ගෑනියි මිනිහයි යුද්ද කරන අමුතුම විදියේ කතාවක් නෙව.....



ටයිටල් එකේන් හෙන දරුණු ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ පෙනුනට මේකේ ගොඩක්ම තියෙන්නේ ෆන් පැත්ත සහ ලව්.... අර අපේ CSN චැනල් එකේ ඇඩ්ස් අස්සෙන් මැච් එක ටිකක් පෙන්නනවා වගේ මේකෙත් අතරින් පතර පොඩි පොඩි ඇක්ෂන් කෑලි ටිකක් දාල තියෙනවා.....


එහෙනම් බලලම ෆන් එකක් ගමු නේද....මෙන්න මම හොයාගත්තු ටොරෙන්ට් ලින්කුවක්.....



Read More