ඔබ ඕනෑවටත් වඩා කතා කරන කෙනෙක්....,
තම දෙමව්පියන්ට ආදරය කලද කාර්ය බහුලත්වය නිසා ඔවුන්ගෙන් ඈත්වූවෙක්....,
එම කාර්යබහුලත්වය නිසාම තම බිරිඳ සහ දරුවා අතරද ඇත්තේ දුරස් බවක්....,
අනෙක් පුද්ගලයන් ගැන වැඩි තැකීමක් නොකරන ඔබ සියලු දේ දකින්නේ ව්‍යාපාරික මනසින්...,
එසේ නම් ඔබ මේ දකින්නේ ඔබ වැනිම පුද්ගලයෙක්....ඔහුගේ ජීවිතය ගැන ඒත්තු ගැන්වීමට ස්වභාව ධර්මයෙන් ඔහුට ඉගැන්වෙන්නේ අමුතුම ආකාරයක පාඩමක්....,ඔහු පිට කරන එක් වචනයක් ඔහුගේ ජීවන වෘක්ෂයේ එක් පත්‍රයකට සමාන කරමින් තම ජීවිතය ප්‍රත්‍යාවලෝකනය කරවන මෙම පාඩම අද වැනි කාර්යබහුල,ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් පිරී ගිය ලෝකයට ලබාදෙන්නේ ඉතා වැදගත් ආදර්ශයක්...


No comments:
Post a Comment