Friday, September 28, 2012

.: This Means War (යුද්දේ වගේ) :.


අද මම කියන්න යන්නේ යුද්දයක් ගැන....මේක අමුතුම විදියක යුද්දයක්...

මේ ඉන්නේ යුද්ද කරන ඩබල..



මෙයා තමයි යුද්දෙට හේතුව...



පේනවා නේද අමුතුම විදියේ යුද්දයක් කියල....ඔය උඩින් ඉන්න කොල්ලො දෙන්න එකට වැඩ කරන ගජ යාළුවො දෙන්නෙක්....හැම අවුලකම කොහේ හරි තැනක ගෑනු පරානයක් ගෑවිලා ඉන්නවා කියල කතාවක් තියනවනේ, ඉතින් මෙ යුද්දෙටත් හේතුව ඔය දෙවෙනි රූප රාමුවේ පෙනී ඉන්න එක්කෙනා තමයි...යුද්දයක් කිව්වට මේක ෆන් පැත්තට බර යුද්දයක්....



මේක බලද්දී මට නිකමට වගේ මතක් උනා තව ෆිල්ම් එකක්, "Mr & Mrs Smith" කතාව මීට වැඩිය වෙනස් උනාට එකෙත් තියෙන්නේ ගෑනියි මිනිහයි යුද්ද කරන අමුතුම විදියේ කතාවක් නෙව.....



ටයිටල් එකේන් හෙන දරුණු ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ පෙනුනට මේකේ ගොඩක්ම තියෙන්නේ ෆන් පැත්ත සහ ලව්.... අර අපේ CSN චැනල් එකේ ඇඩ්ස් අස්සෙන් මැච් එක ටිකක් පෙන්නනවා වගේ මේකෙත් අතරින් පතර පොඩි පොඩි ඇක්ෂන් කෑලි ටිකක් දාල තියෙනවා.....


එහෙනම් බලලම ෆන් එකක් ගමු නේද....මෙන්න මම හොයාගත්තු ටොරෙන්ට් ලින්කුවක්.....



Read More

Wednesday, September 19, 2012

.: RaMoNa & BeEZus :.

ආපහු පැංච කාලෙට යන්න කැමති අය අත උස්සන්න බලන්න....


මේ තියෙන්නේ ඒ අයට ගැලපෙන ෆිල්ම් එකක්.... ලස්සනම ලස්සනම ලස්සන ෆිල්ම් එකක්....ඒ තරම්ම හිතට අල්ලපු නිසා තමයි ලස්සන කියන වචනේ කීප සැරයක්ම කියවුනේ...



මේ තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකට පන පොවන අක්ක නගෝ දෙන්න.....කට්ටිය අක්කව නම් හොඳට අඳුනවනේ..... හැබැයි මට දැනිච්ච විදියට නම් ෆිල්ම් එකේ ලස්සන වැඩි වෙලා තියෙන්නේ සැලීනාගේ රඟපෑමටත් වඩා මේකේ ඉන්න පුංචි ගෑනු ළමයා ඒ කියන්නේ රමෝනාට පන පොවන "joey king" ගේ අති විශිෂ්ට රඟපෑම නිසා....ඉතාම දක්ෂ පුංචි නිලියක්....


මට මේ ෆිල්ම් එක දීපු මගේ යාලුවත් දැනටමත් දෙතුන් සැරයක් මේ ෆිල්ම් එක බලල තාමත් ඩිලීට් කරන්නේවත් නැතුව තියන් ඉන්නවා....මමත් සාමන්‍යයෙන් ෆිල්ම් එකක් එකසැරයකට වඩා බලන්නේ නෑ හිට්ම උනොත් ඇරෙන්න.....හැබැයි මේ ෆිල්ම් එක නම් තව සැරයක් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව....


මම මේ ෆිල්ම් එකේ දැකපු විශේෂ සිදුවීමක් තමයි, එක තැනකදී මේ පොඩි කෙල්ල ගෙදර අයත් එක්ක තරහ වෙලා ගෙදරින් යනවා කියල ඇඳුම් බෑග් එකක් පැක් කරනවා....ඒ වෙලාවේ මෙයාගේ අම්ම කරන්නේ මොකක්ද දන්නවද ? ලොකු බෑග් එකකට මෙයාගේ ලට්ට ලොට්ට පුරවල ගෙනත් දෙනවා එහෙනම් ගිහින් බලන්න කියල....මේ කෙල්ලත් බෑග් එකත් උස්සගෙන යනවා බස් හෝල්ට් එකට....ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉන්නකොට තමයි ටික ටික ගෙදර මතක් වෙන්නේ......අපේ රටවල වගේ නෙවෙයි ක්‍රියාවෙන්ම ඒ දරුවට කියල දුන්න පැනල යනවා කියන එකේ අමාරුව.....


මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ තියෙනවා....පුංචි කාලේ මතක් කරගන්න කැමති අය ෆිල්ම් එක බලලම අදහසක් දාමු එහෙනම්....


Download Torrent (DVD Rip 696.7MB)

Read More

Thursday, September 6, 2012

.: Animals United ( CartooN ) :.

මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා අලුත් ෆිල්ම් රිවිව් එකක් දාන්නත් බැරි උනානේ.....ඒක නිසා ලඟදි බලපු තවත් ලස්සන කාටුන් චිත්‍රපටියක් ගැන කියන්න හිතුන....වැඩ අස්සේ නිකමට වගේ මේ ෆිල්ම් එක දාල බැලුවේ, කාටුන් රූප ටිකේ ලස්සන නිසාම දිගටම බලාගෙන ගියා....


මතකයි නේද "The Lorax", "Wall E" චිත්‍රපටි? ඒ වගේම තමයි මේකෙත් පෙන්නලා දෙන්නේ මිනිස්සු තමන්ගේ වාසිය නිසා පරිසරයට සහ සතුන්ට කරන හානි ගැන....."ජලය" කියන්න මුලික මිනිස් අවශ්‍යතාවයක්, ඒත් ඒක මිනිස්සුන්ට විතරක් අවශ්‍ය දෙයක් නෙවෙයි, හැම ජීවියෙක්ටම අවශ්‍ය දෙයක්....ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නෙත් "ජලය" වෙනුවෙන් මිනිස්සු සමග සටන් වදින සත්තු ගැන කතාවක්....මේ සත්තුන්ට වතුර නැති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නිසා....




කිසි කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුළුවන් ලස්සන කාටූන් එකක්.....මේ කාටුන් රූප වල අමුතු ලස්සනක් තියෙනවා මට නම්, ඔයාලටත් එහෙම දැනෙනවද බලන්න....




Animals United 2010 BRRiP XViD-IMAGiNE [1.6GB]
Read More