Friday, October 25, 2013

.: Madras Cafe :.

සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්..., හැබැයි අපේ රටේ තිබ්බ ප්‍රශ්නය ගැන කතා කිරීමකට වඩා මේ ෆිල්ම් එකේ පෙන්නලා දීල තියෙන්නේ "රජීව් ඝාන්ධි" ඝාතන සැලැස්ම අන්තර්ජාතික උවමනාවකට වෙච්ච දෙයක් කියන එක.....ඒ ගැන කතා කරද්දී මහ කොටියාවත් සම්බන්ධ වෙන නිසා අපේ ප්‍රශ්නේ ගැනත් ලාවට පෙන්නලා තියෙනවා ඇරෙන්න අපිට ආදරේකට හදපු ෆිල්ම් එකක් නම් නෙවෙයි ...තමිල්නාඩු ගොයියෝ ටික ශේප් කරගන්නද කොහේදෝ මුලින්ම අපේ හමුදාවෙන්(80 ගණන්වල) දෙමළ මිනිස්සු මරණ එකක් පෙන්නනවා, ඊට පස්සේ කොටි සංවිධානය බිහිවුණා කියවෙනවා....ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමේදී "Most brutal military assault by the Sri lankan forces" කියල තියෙනවා....හැබැයි ඉතින් ඒ වගේම මහා කොටිය සහ ගෝලයෝ සෙට් එක ගැන ඇත්තම පෙන්නලා දීල තියෙනවා ලෝකෙට...ඒක නිසා ඒ ගැන හිතල මේ ෆිල්ම් එක ගැන වර්ණනා කරන්න පුළුවන්....කොහොම උනත් දෙපැත්තම ශේප් කරලා හදපු ෆිල්ම් එකක් වගේ තමයි පේන්නේ.....ෆිල්ම් එකේ අන්තිමට හුරු පුරුදු වචන සෙට් එකක් යනවා...සිංහල සබ් එක බලන්න එතකොට මතක් වෙයි මොකක්ද කියල....




Download DVDScr Rip



Read More

Tuesday, March 19, 2013

.: විරූපී නොවූ ආදරය :.

වෙනස්ම ආරක ආදර කතාවක් වුවත් මෙයින් දෙන ආදර්ශය නම් ඉතාම වටිනා එකක්.....රූපය මෙන්ම සැප සම්පත් අතින් පරිපූර්ණ වීම නිසා දැඩි මාන්නයකින් අන් අය දෙස බලන පුද්ගලයෙක්ට ආදරය පිළිබඳව ඉගැන්වෙන අපූරු පාඩමක් තමයි කතාවේ අන්තර්ගතය....


තාරුණ්‍යයේ ආදර කතාවල  වඩාත්  සිත් ගත් යොවුන් චරිත දෙකක් වූ Vanessa Hudgens සහ Harris Alex Pettyer දෙපලගේ විශිෂ්ට රංගනය මෙන්ම  හාස්‍යත්පාදක නළුවෙක් වූ Neil Patrik Harris ගේ දායකත්වය නිසා මෙම චිත්‍රපටය වඩාත් රසවින්දනාත්මක ලෙස නිර්මාණය වී තිබෙන බව කිව හැකියි....








Read More

Friday, March 8, 2013

.: Future War | USA vs ASIA ??? :.

මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්‍රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල් කිහිපයකම වාණිජ නගර විශාල ප්‍රමාණයකට දැඩි හානි සිදුවන අතර රුසියාවට අයත් පැසිෆික් සාගරය ආශ්‍රිත කොටසටද එයින් බලපෑම එල්ලවෙනවා.....




බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ක්ෂණිකව සිදුවන මෙම ව්‍යසනය නිසා ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම ජීවිත හා දේපල හානි සිදුවූ ව්‍යසනය ලෙස නම් කරමින් ශෝක පණිවුඩ පළකරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුරෝපා සහ ඇමෙරිකානු රටවල් ඉදිරිපත් වෙනවා......නමුත් ලෝකයේ ප්‍රබලම එමෙන්ම ඉතාම නිවරද්‍ය රේඩාර් පද්දතිය සහ තම කලාපයට එල්ලවන සතුරු ප්‍රහාර කල් තියාම හඳුනා ගත හැකි තාක්ෂනය සතු රුසියාව ප්‍රකාශයක් කරනවා මෙම ව්‍යසනයට මුල් වුයේ උල්කාපාතයක් පැසිෆික් සාගරයට පතිතවීම නිසා ඇතිවූ මුහුද ගොඩගැලීම් තත්වයක් ලෙසට.....එමෙන්ම ඔවුන්ගේ අභ්‍යවකාශ දැනුමෙන් ඔවුන් ස්ථීර ලෙස කියා සිටිනවා මෙවැනි උල්කාපාතයක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීමට තිබු බව ඔවුන් හඳුනාගෙන තිබුනත් එය කිසිසේත්ම පෘතුවියට වැටීමේ සම්භාවිතාවයක් නොතිබුණු බවට....යම් හෙයකින් පෘතුවියට එය වැටුනත් එය ගමන් කල යුතුව තිබුනේ ඇමෙරිකා මහාද්වීපය දෙසට බව ඔවුන් තහවුරු කොට කියා සිටිනවා.....මෙම ප්‍රකාශයත් සමගම චීනය සහ ජපානයද ඔවුන්ගේ නිරීක්ෂණ වලින් තහවුරු කොට කියා සිටිනවා රුසියාව විසින් කල ප්‍රකාශය නිවරද්‍ය බව....


ඇමෙරිකාව විසින් සිදු කල මෙම ක්‍රියාව තරයේ හෙලා දකින සියලුම ආසියාතික රටවල් එකතු වී තීරණය කරනවා ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට.....ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුනුකොට සියලුම ආසියාතික රටවල් මෙන්ම අරාබිය හැර අනෙකුත් මැදපෙරදිග රටවල්ද මේ සඳහා එකතු වෙනවා.....ආසියාවේ ඉතා ප්‍රබල රටවල් තමන්ට විරුද්ධ වන බව පෙනීයන නිසා ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කල වැරැද්ද පිළිගෙන සමාව අයැද සිටිනවා....ඒ වගේම ඔවුන් සමග බ්‍රිතාන්‍ය ද මේ සඳහා සහයෝගය දැක්වූ බව හෙළිදරව් කරනවා......


වචන වලින් සිදු කරන සමා කිරීම් ප්‍රතික්ෂේප කරන ආසියාවේ ප්‍රථම ප්‍රහාරය එල්ලවන්නේ ඉන්දියානු සාගරය පහළ කොටසේ දුපත් සමුහයක ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව ස්ථාපිත කර ඇති යුද අංගනයකටයි....මෙය මීට පෙර රුසියාව විසින් හඳුනාගෙන තිබු සතුරු තර්ජනයක්.....එම දුපත් සමුහය මුළුමනින්ම අත්පත් කරගත් පසු මීළඟ පියවර වන්නේ උල්කාපාතයෙන් සිදුකල ව්‍යසනයට සමාන ප්‍රති ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ලකිරීමයි.....මෙම ප්‍රහාර එල්ලකිරීමට පෙර එම රටවල වෙසෙන සියලුම ආසියානුවන්ට තම රටවලට පැමිණෙන ලෙස නියෝග වෙනවා.....මෙයින් ප්‍රයෝජන ගන්නා ඇමෙරිකානුවන් එසේ පැමිණෙන ආසියානුවන් ලෙස විත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමටද පෙලෙබෙනවා.....එමෙන්ම ඔවුන් සතුව ඇති සියලුම නවීන ප්‍රහාරක යානා මෙන්ම තහනම් කල පරමාණු බෝම්බ පවා නැවත භාවිතා කිරීමට සුදානම් වෙනවා.....නමුත් ආසියානු ශක්තිය හමුවේ ඔවුන්ට එම ප්‍රහාර එල්ලකරගනීමට නොහැකිවෙන්නේ එම අවි ආයුධ තිබෙන ස්ථාන රුසියාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති නිසා.....ඔවුන් ප්‍රහාර එල්ලකිරීමට පෙර එම ස්ථාන විනාශ කිරීමට ආසියානු එකමුතුකමට හැකිවෙනවා......අවසානයේ සිදුවන්නේ ආසියානු එකමුතුකම ජයග්‍රහණය කිරීමයි බ්‍රිතාන්‍ය අතරමගදීම මේ යුද්දයෙන් ඉවත් වන්නේ ආසියාවේ ප්‍රබලත්වය ඔවුන් අවබෝධ කරගන්න නිසයි......


මේ එකපාරටම මගේ හිතේ පහළ වෙච්ච අදහසක්, පහු ගිය දවසක රුසියාවට වැටිච්ච උල්කාපාතය ගැන අපේ HondaMPLG සහෝ දාල තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් එක්ක තමයි මේ අදහස මගේ ඔලුවට ආවේ......සමහරවිට මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නත් පුළුවන්.....මොකද ඇමරිකාව කියන්නේ ආත්මාර්ථකාමී, ඒ වගේම ලෝකෙම ලොක්ක තමන් වෙන්න ඕනි කියන තීරණේ ඉන්න රටක්...ඔය යුරෝපා රටවලුත් ඇමරිකාවට දීගෙන ඉන්නේ.....ඒක නිසා ඔය සෙට් එක එකතු වෙලා දැනටමත් මේවගේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්......ඒක නිසා සමහරවිට අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් මේ අදහස...

!!!!මේක මගේම නිර්මාණයක්, ඒක නිසා උපුටාගැනීම් එහෙම කරනවනම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කවුද ලිව්වේ කියල දාන්න ඕනි.....දැනට එළකිරියේ සහ මගේ බ්ලොග් පිටුවේ විතරයි මේක දාල තියෙන්නේ!!!!  
Read More

Sunday, January 13, 2013

.: Vicky Donor (18+) :.

අලුත් අවුරුද්දේ හා හා පුරා කියල කියන්න යන්නේ අමුතුම කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන....පොඩිහිටියන්ට ඒ තරම් සුදුසු නැති නිසා තමයි (18+) කියල දැම්මේ ඒ කියල වැරදි වැටහීම් ඇති කරගන්න ඕනේ නෑ ...මේක සෙක්ස් ෆිල්ම් එකක් නෙවෙයි, වෙනස්ම විදියේ කතාවක් එක්ක ගලාගෙන යන ආදර කතාවක්...



වර්තමානයේ සමහර විවාහක පුරුෂයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිසරු භාවය සිංහලෙන් කිව්වොත් වඳ බව... ඉතින් ඔය කියන ප්‍රශ්නේ ඇතිවෙන්නේ දැන් කාලේ තියෙන කාර්යබහුලත්වය සහ මිනිස්සුන්ගේ තියෙන දැඩි මානසික ආතතිය නිසා කියල තමයි කියන්නේ(මේ මම කියන දෙයක් නෙමෙයි, ෆිල්ම් එකේම තමයි තිබ්බේ) කොහොම හරි ඔය වගේ ප්‍රශ්නයක් ඇති උනාම ඉතින් පවුල් ජීවිතිය අවුල් වෙනවා නෙව...ඉතින් ඒ වගේ අවස්ථාවකදී අකමැත්තෙන් උනත් වෙන කෙනෙක්ගේ පිහිට පතන්න සිද්ද වෙනවා, ඒ කියන්නේ අපේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක වෙන පුද්ගලයෙක්ගේ ශ්‍රුකානුවක් කෘතිමව ඇතුල් කරන එක....ඇහෙද්දී නම් පිළිකුලක්, සදාචාර විරෝදී බවක් වගේ දේවල් හිතට එන්න පුළුවන් ඒත් ඇත්තටම මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න උනොත් අපි උනත් ඒ වගේ තීරණයක් ගන්න පුළුවන්....




ඉතින් ඔය වගේ කෘතිමව ශ්‍රුකානු දන් දෙන පුදගලයෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ...දන් දීමක් කිව්වට පොර නම් වැඩේ කරන්නේ බිස්නස් එකක් විදියට, ඉතින් මේ බිස්නස් එකෙන් ඔහුගේ ජීවිතයට සහ ආදරයට වෙන බලපෑම තමයි ෆිල්ම් එකේ තියෙන්නේ...කොහොම හරි අන්තිමේදී මේ දන්දීමේ ක්‍රියාව සාධාරණීයකරණය කිරීමක් කරනවා ෆිල්ම් එකෙන්, ඒත් හැබෑ ජීවිතයේදී මෙහෙම දෙයක් උනොත් නම් තමන්ගේ බිරිඳගෙන් හෝ පෙම්වතියගෙන් සමාවක් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ, මොකද අපි කව්රුත් මිනිස්සුනේ....




හාස්‍ය රසය, ආදරය වගේම ජීවිතේට යම් කිසි දැනුමකුත් එකතු කරගන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්....

Read More