Tuesday, August 28, 2012

.: තරුවකට පෙම් කලෙමි (PDF) :.

"චමත්කා සූරියබණ්ඩාර යනු තරුණ පරපුරේ නැගී එන ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි...මේ දිනවල තිරගත වන "ආදර මංසල" චිත්‍රපටයේ අති විශිෂ්ට රංගනය නිසා ඇයට තවත් චිත්‍රපට කිහිපයක් සඳහාම ඇරයුම් ලැබී අති බව අපිට දැනගන්නට ලැබුනා...ඉතින් මේ දක්ෂ හැඩකාර නවක නිළිය ගැන තවත් තොරතරු ඔබට වාර්තා කිරීමට රාජගිරියේ පිහිටි ඇයගේ නිවස වෙත අප ළඟාවූවා...."

මචන් මෙකි නම් පට්ට කෑල්ල බන්...මට නම් පිස්සු හැදෙනවා මේකිගේ පික්ස් දැක්කම..උඹ දැක්කද අලුත් ෆොටෝ ෂූට් එක මේකිගේ..ඊකෙ  එකේ එකෙක් දාලා තිබ්බ ඊයේ..පට්ට මචන්...

හ්ම්ම්...ලස්සනයි...මේ පත්තර වල ෆොටෝ හෙන චානේ බන් බලපං ඇස් හතරක් වෙලා..නිකන් හොල්මනක් වගේ...මුන්ට මේක කොලිටියට ප්‍රින්ට් කරන්න බැරි හැටි..මල පනිනවා මේවා දැක්කම..

අයියෝ කව්ද බන් දැන් පත්තර බලන්නේ...ඔය අහම්බෙන් දැක්කොත් මිසක්...ඔය වගේ වැඩ වලට තමයි අපේ තාත්තා මට අසීමිත අන්තර්ජාලය අරන් දීල තියෙන්නේ..හි හි

හික්ස්....අසීමිත ද අසම්මත ද?

හරි බන් මොකක් උනාම මොකද වැඩේ කරගන්න පුලුවන්නම් එච්චරයි....

එල එල ඔහොම යමන්...මේ මචෝ මේකිගේ පික්ස් ටික මටත් දාල දීපංකො පෙන් ඒකට..

අහා උපාසකයත් ෆෝම් වෙලා වගේ...දීපං දීපං අපිම ඉන්න ඕනි ඉතින් උඹලට මේ වගේ ඒවා ප්‍රොමෝට් කරන්න..හිහ්

මේ කතා බහ සිදුවන්නේ තවමත් උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකු වූ සංකල්ප සහ දිනුක අතරය...මොවුන් දෙදෙනා කුඩා කල සිටම ගජ මිතුරන් වන අතර මොවුන්ගේ නිවෙස්ද පිහිටා තිබුනේ සමීපයේය...සංකල්පගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර මව පෞද්ගලික බැංකුවක උසස් නිලදාරිනයකි...දිනුකගේ මව්පියන්ද සේවය කරන්නේ සංකල්පගේ මව සේවය කරන බැන්කුවේමය..
දිනුක සහ සංකල්ප යන දෙදෙනාම ඉගෙනීමට ඉතා දක්ෂ සිසුවන් වුනත් අනෙක් දක්ෂ සිසුවන් මෙන් තමා දක්ෂ බව පෙන්වීමට ඔවුන් අකමැත්තක් දක්වයි...එසේ වුවත් පාසල තුල ඔවුන් ඉතා ජනප්‍රිය වී ඇත්තේ මිතුරන් අතරේ හොඳ හිත දිනාගැනීමටත්,පාසලේ ඕනෑම වැඩකදී ඉදිරිපත් වී කටයුත් කිරීමටත් ඔවුන් පසුබට නොවන නිසායි...


මචන් සංක අරකිගේ ෆිල්ම්ස් එහෙම නැද්ද උඹ ළඟ?

පසුදින පාසලේ විවේක කාලය අතරතුරදී දිනුක මෙම ප්‍රශ්නය යොමු කරන්නේ ඉතා අකමැත්තෙන් තම කෑම පාර්සලය දෙස බලා සිටින සංකල්ප ගෙනි...

අයියෝ බන් මේ වෙලාවේ ඒකි ගැන මතක් කරන්නත් එපා බන් බලපං මම කොච්චර අමාරුවෙන්ද මේ කෑම එක කන්න ට්‍රයි කරන්නේ..අපේ අම්මගේ අතින් හදපු කෑම එකක් කාපු කාලයක් මතක නෑ බන්...මේ වැඩට ඉන්න ගෑනි හදන ඒවා කන්න ගියාම කෑම එපා වෙනවා...

සංකල්පගේ මව සහ පියා ඉතා කාර්යබහුල පුද්ගලයන් නිසා ඔවුන්ගේ නිවසේ ඉයුම් පිහුම් සහ අනෙකුත් වැඩ කටයුතු සඳහා වැඩකරුවන් යෙදවීමට සංකගේ පියා කටයුතු කර ඇත...

හරි හරි..ඔන්න ඕක පැත්තකින් තියල මේකට සෙට් වෙයන්...එක නෙවෙයි බන් ඇත්තටම නැද්ද අරකිගේ ෆිල්ම්ස්?

මේවා ඉතින් මගේම වැරදි තමයි...උඹට ඕක පෙන්නුවේ අපරාදේ....බලපං දැන් මේකිට මම විතරක් නෙවෙයි නේ ඉන්නේ...

අනේ පල ගෙම්බෝ...ඕක උඹ දකින්න කලින් කී දෙනෙක් නම් සෙට් කරගෙන ඇත්ද..අනිත් එක උඹ වගේ ගස් ගෙම්බෙක්ට ඔය වගේ පට්ට කෑලි වැටුනොත්,අපි වගේ එවුන්ට යන කල දසාව මොකක්ද...

අපොයි ඔව් උඹ නිකන් එන්රික් වගේ සෙක්සි කොල්ලනේ පට්ට කෑලි වැටෙන්න අනේ පල හිවලෝ...

හරි හරි අපි දෙන්නම් සෙක්සි...දැන් හරිනේ...කෝ උඹ තාම අහපු ඒකට උත්තර දුන්නේ නෑනේ...

අම්මේ මුට තියෙන උනන්දුව...හි හි...ඔව් ඉතින් මට අර අසම්මත අන්තර්ජාලය තියෙන හින්ද හොඳයි...නැත්නම් උඹල හොයයි සිංහල ෆිල්ම් මේන් කියල....බොහොම අමාරුවෙන් හොයාගත්ත එක ෆිල්ම් එකක් තියෙනවා හැබැයි උඹට නම් දෙන්නේ නෑ...

අනේ කිරි පුතේ එහෙම නම් කරන්න එපෝ....මේ අසරණ කොල්ලට අනුකම්පා කරපංකෝ ...

අපෝ ලජ්ජා නැද්ද බන් සාය කෑල්ලකට ඔච්චර බාල්දු වෙන්න...හිකිස්‌....... හරි හරි උඹට අනුකම්පා පිණිස දෙන්නම් එහෙනම් පෙන් එකත් අරන් වරෙන් හවසට...

එල එල...එහෙනම් හවස සෙට් වෙමු..

සුපුරුදු පරිදි විවේක කාලය අවසන් වී තවත් පැය කාලක් පමණ කතාබහේ යෙදුනු ඔවුන් හවස් කාලයේ මුණ ගැසීමට තීරණය කොට තම තමන්ගේ පන්ති දෙසට ගමන් ඇරඹීය....

Download Full PDF
Read More

Saturday, August 11, 2012

.: The Lorax ( ගහ කොළ ගැන මීට‍ වඩා හිතමු ) :.

අද මම කියන්නේ යන්නේ කාටූන් එකක් ගැන....හැබැයි මේ කාටූන් එක පොඩිහිටියන්ටත් වඩා වැඩිහිටියන් විසින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක් කිව්වොත් නිවැරදියි.....ඇයි මම එහෙම කියන්නේ කියල කියන්නම්, ඊට‍ ඉස්සෙල්ල අපි මේකේ කවර් එකක් බලල ඉමු....




"Despicable Me" මතක ඇති නේ....අර හඳ හොරකම් කරපු කාටූන් එක...අන්න ඒ කට්ටියගෙම වැඩක් තමයි මේකත්.... මේ කාටූන් එකෙන් ලොකු පුංචි හැමෝටම ලොකු ආදර්ශයක් දෙනවා....ඒකයි මම මුලින් කිව්වේ වැඩිහිටියොත් මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල....


මිනිස්සු වේගෙන් දියුණු වේගන යනවා, ලොකු ලොකු කර්මාන්තශාලා,තට්ටු ගනන් යන බිල්ඩින්ග්,මාලිගාවල් වගේ ගෙවල් හැදෙනවා...මේවා හැදෙන්නේ කොහෙද? වෙන කොහෙද ඉතින් මේ පොලොවෙම තමයි....ඉතින් මේවා හැදෙද්දී කැලෑ එළිපෙහෙළි වෙනවා, ගස්වැල් කපන්න වෙනවා....ඉස්සර ගෙවල් වල කොස් ගස්,අඹ ගස් වගේ කොච්චර නම් ගස් තිබ්බද....දැන් කාලේ නගරවල් වල හැදෙන ගෙවල් වල ආසාවකට ගහක් දැකගන්න තියෙනවද? තිබ්බත් තියෙන්නේ මල් පැලයක් වල් පැලයක් විතරයි ඒවත් සමහර ඒවා ලස්සනට තියන් හිටියට ශරීරයට පවා අහිතකර පැලෑටි....මේකෙන් කියවෙන්නේ මොකක්ද? අපේ ලෝකයත් ටිකෙන් ටික කොන්ක්‍රීට් වනාන්තර වෙනවා කියන එක නේද, මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ මේ කාටූන් එකේ ඉන්න කට්ටියට වෙලා තිබ්බ දේම තමයි....


මේ රටේ මිනිස්සු ගස් කියල කියන්නේ ප්ලාස්ටික් වලින් හදපු කෘතීම ගස් වලට....ඒ කියන්නේ ඇත්ත ගස් එකක්වත් මේ රටේ නෑ....ඒ නිසාම එයාලට අවශ්‍ය පිරිසිඳු වාතය සල්ලි වලට තමයි ගන්න වෙලා තියෙන්නේ....ඉතින් මේ මිනිස්සුන්ට මේ "පිරිසිඳු වාතය" විකුණන එක්කෙනා තමයි මේ රටේ ලොක්ක, හරියට නිකන් අපේ ලෝකේ තෙල් නිධි තියෙන රටවල් ලොක්කෝ වගේ....මේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ නව නිර්මාණ කරන්න ගියපු එක පුද්ගලයෙක් ගේ මෝඩ වැඩක් නිසා....ඒ මෝඩ වැඩේ මොකක්ද සහ ඒ වැරැද්ද හදාගන්නේ කොහොමද කියල තමයි ෆිල්ම් එකේ ඉතුරු ටිකෙන් පෙන්නන්නේ....


හරිම ලස්සන කාටූන් එකක්....මේ චරිත වල කාටූන් ගතිය ටිකක් වැඩි වගේ පෙනුනට රසවිදින්න පුළුවන් විදියට ලස්සනට ගාලගෙන යනවා ෆිල්ම් එක....


අනාගතේදී අපිටත් මෙහෙම කෘතීම ගස් හදල පෙන්නන වෙයිද දන්නේ නෑ ගස් කියල දෙයක් ලෝකේ තිබ්බ කියල.....ඒක නිසා මේ කාටූන් එකෙන් අපිට සහ අපේ අනාගත පරපුරට ලොකු අනතුරු ඇඟවීමක් කරනවා කියල කියන්නත් පුළුවන් අනාගතේ ගැන....ඒ නිසා රසවින්දනයත් එක්කම මේ ෆිල්ම් එකෙන් දෙන ඒ පණිවිඩය ගැනත් පොඩ්ඩක් හිතල බලන්න....






Read More

Wednesday, August 8, 2012

.: Kahaani[Hindi] :.

"Kahaani" කියන හින්දි වචනයේ තේරුම "කතාව" කියන එක.....මේ වගේ නමක් ෆිල්ම් එකට දාල තියෙන්නේ ඇයි කියල තේරුම් යන්නේ ෆිල්ම් එක අන්තිම වෙනකන්ම බලපු කෙනෙක්ට විතරයි...බොලිවුඩයේ නිර්මාණය වෙන එකම විදියේ ෆිල්ම් වලින් වෙන් වෙච්ච, ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගලාගෙන යන වෙනස්ම කතාවක් තියෙන විශිෂ්ට නිර්මාණයක් විදියට මේ ෆිල්ම් එක හඳුන්වා දෙන්න පුළුවන්....


එංගලන්තයේ ඉඳල ගැබිණි තරුණියක් ඉන්දියාවට පැමිණෙන්නේ වසර දෙකකට ඉහතදී ඉන්දියාවට පැමිණි තම ස්වාමි පුරුෂයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු  නිසා ඔහු ගැන සෙවීමේ අදහසින්....ඉතින් තම ස්වාමිපුරුෂයව හොයාගෙන යන මේ තරුණියට දැනගන්නේ ලැබෙන්නේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ වැනි මුහුණුවරක් ඇති වෙනත් පුද්ගලයෙකු ගැන....මේ පුද්ගලයා ඉන්දියාවේ මහා විපතක් සිදු කිරීමට මුල් වූ කෙනෙක්....ඒ නිසාම මේ පුද්ගලයා ආරක්ෂක අංශ වලට පවා අවශ්‍ය උන කෙනෙක්....හැබැයි ඒ වගේම මේ පුද්ගලයාව ආරක්ෂා කරන කට්ටියකුත් ඒ අතරම ඉන්නවා...



කොහොම හරි අවසානයේ මොනා වෙයිද?

මේ තරුණියගේ ස්වාමිපුරුෂයා ට සමාන රුවක් ඇති පුද්ගලයා ඇත්තටම ඇයගේ ස්වාමිපුරුෂයාද?

එහෙම නැත්නම් මේ සමාන රුවකින් පෙනී සිටින පුද්ගලයා නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කරදරයක් සිදු වී ඇත්ද? 

මේ ප්‍රශ්න වලට මම නම් උත්තර දෙන්නේ නෑ....ෆිල්ම් එක බලාගෙන යද්දී ඔයාලගේ හිතෙත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙයි එතකොට තමයි කුතුහලය ඇවිසෙන්නේ, එහෙම උනාම තමයි ෆිල්ම් එක කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන්....





මේ වගේ කතාවක් බලං යද්දී අපේ හිතෙත් ඊළඟට වෙන්න පුළුවන් දේවල් ගැන ඉඟි ඇති වෙනවනේ...සමහර වෙලාවට කලින් ෆිල්ම් වලින් දැකල තියෙන දේවල් වලින් සහ ෆිල්ම් ගැන තියෙන අත්දැකීමෙන් ම අපිට කියන්න පුළුවන් ඊළඟට වෙන්නේ මෙන්න මේ සිදුවීම කියල....හැබැයි මේ ෆිල්ම් එකේ මම එහෙම හිතපු ඒක වැරදුනා.....මම හිතුවට වැඩිය වෙනත් පැත්තකට කතාව හරවන්න මේක හදපු පුද්ගලය දක්ෂ වෙලා තියෙනවා....ඔයගොල්ලොත් මේ ෆිල්ම් එක බලාගෙන යද්දී කතාව ගෙස් කරලා බලන්න හරි යනවද කියල ෂුවර් එකටම වෙනසක් තියෙයි....අන්න ඒක තමයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකේ තියෙන විශේෂත්වය...




ෆිල්ම් එක බැලුවට පස්සේ මම මේ කියපු දේවල් ඔයාලටත් දැනුනද කියල කියන්නකො එහෙනම්...




Read More

Tuesday, August 7, 2012

.: Just Visiting [Comedy] :.

නමත් එක්ක හොඳින්ම  ගැලපෙන කතා පුවතක් තියෙන චිත්‍රපටියක්.... 2001 වර්ෂයේ ඇවිත් තියෙන මේ චිත්‍රපටිය, අතීතය සහ අනාගතය හා බැඳුනු හාස්‍යජනක කතා පුවතක් ඇතුලත් එකක් කියල හඳුන්වා දෙන්න පුළුවන්....


අතීතයේ ජීවත් වන රාජ කුමාරයෙක්, ඔහුගේ සේවකයා සමග අනාගත ලෝකයට පිවිසෙන්නේ මන්තරකරුවෙකුගේ අත් වැරදීමකින්....ඔවුන් එසේ පැමිණීමට හේතුව වන්නේද අතීතයේ ජීවත් වෙන මන්තරකාරියකගේ සහ ඔහු විවාහ ගිවිස ගැනීමට යන රාජ්‍යයේ ද්‍රෝහියකු එකතු වී සිදු කරන ක්‍රියාවක්...කෙසේ හෝ අතීතයේ සිට අපේ කාලයට පැමිණෙන මොවුන්ට කාල පරතරය අතර සිදුවී ඇති වෙනස් වීම් අදහාගැනීමටත් බැරි තරම්....ඒ නිසාම ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම හාස්‍ය උපදවන සුළුයි...සමහර  ක්‍රියාවන් අප්‍රියජනකයි (මොකද ඒ කාලේ බාත්රුම් එහෙම තිබිල නෑනේ)....





අවසානයේදී, මොවුන්ව අනාගතයට එවපු මන්තරකරුවත් ඒ විදියටම අනාගතයට පැමිණෙනවා....ඊට පස්සේ තමයි නැවතත් අතීතයට ගොස් ඔහුගේ අතින් සිදු වූ වැරැද්ද හරිගස්වා ගැනීම සිදු කරන්නේ....අපේ කාලයේ ජීවත් වෙද්දී තවත් සිදුවීම් කිහිපයක් සිදු වෙනවා....ඒ බොහෝ දේවල් කට කොනේ හිනාවක්‌ මතුවෙන දේවල්....විනෝදාස්වාදය උදෙසා චිත්‍රපටියක් නැරඹීමේ කැමැත්තෙන් පසුවෙන අයෙක් වේ නම් මෙන්න ඒ සඳහා අවස්තාව...






Read More